JUN
13
ඉබරාකි ප්‍රාන්තයේ ඇලුමිනියම් වැටවල් සොරකම් කළ දෙදෙනෙක් මාට්ටු

ඉබරාකි ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල කෘෂිකාර්මික ජලාපවහන පහසුකම්වල ඇලුමිනියම් වැටවල් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ඉබරාකි කේන්ද්‍ර කරගත් ප්‍රාන්ත තුනක වැටවල් 32 ක් සොරකම් කර ඇති අතර මුළු හානිය යෙන් මිලියන 43.85 ක් පමණ බව වාර්තා වේ.
මෑත වසරවලදී ලෝහ මිල ඉහළ ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා සොරකම් කරන ලද භාණ්ඩ ප්‍රාන්තය තුළ සහ ඉන් පිටත විකුණා මුදල් ලබා ගත් බවද හෙළි වී ඇත.
280 Views
Comments