ජපානය සුඩාන ජාතිකයින්ට වසරක නේවාසික තත්ත්වය ලබාදෙයි

ජපාන රජය සුඩාන ජාතිකයන්ට ඔවුන්ගේ මව් රටේ ආරක්ෂක තත්ත්වය නොසන්සුන්ව පවතින බැවින් ජපානයේ වසරක් දක්වා ජීවත් වීමට සහ රැකියාව කිරීමට ඉඩ ලබා දී තිබේ.
අධිකරණ අමාත්‍ය සයිටෝ කෙන් ඊයේ (14) මෙම හදිසි පියවර හෙළි කළේය.
මේ යටතේ ජපාන ආගමන සේවා ඒජන්සිය නිශ්චිත කාලයක් ජපානයේ රැඳී සිටින සහ ආරක්ෂාව හේතුවෙන් රටේ රැඳී සිටීමට කැමති සුඩාන ජාතිකයින්ට වසරක පදිංචිය ලබා දෙන බව ඔහු පැවසීය.
මේ වනවිටත් සුඩාන ජාතිකයන් 400 ක් පමණ ජපානයේ සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
සුඩානයේ තත්ත්වය රජය දිගින් දිගටම නිරීක්ෂණය කරන බවත් එක් එක් පුද්ගලයාගේ තත්වයන් සැලකිල්ලට ගන්නා බවත් සයිටෝ පැවසීය.
කුමන්ත‍්‍රණයකින් බලය අල්ලාගත් හමුදාව සහ කඩිනම් ප‍්‍රතිචාර බලකාය නමින් හැඳින්වෙන පැරාමිලිටරි කණ්ඩායමක් අතර අපේ‍්‍රල් මාසයේ ඇති වූ ගැටුම්වලින් පසු සුඩානයේ තත්වය අස්ථාවර විය.
302 Views
Comments