ජපානයේ එළිමහන් චිත්‍රාගාරය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

ජපානයේ එළිමහන් චිත්‍රාගාරය

ජපානයේ එළිමහන් චිත්‍රාගාරය

ජපානය කිවූ සැනින් ලංකාවෙ වෙසෙන ඔබට අමතක නොවන චරිතයක් තමයි"ඔෂින්"කියන්නේ. ඔෂින් නාටයය තුළින් ඔබ දුටු ඒ ඉපැරණි ජපන් සමාජය දැක බලා ගන්නත් , බොහෝ සුන්දර අත්දැකීම් රාශියක් විදින්නටත් හැකි ස්ථානයක් පිළිබද සටහනක් තබන්නයි මේ සූදානම. 

 

"EDO WONDERLAND "නමින් හදුන්වන මේ එලිමහන් චිත්‍රාගාරය සැබවින්ම ඔබව ඉපැරණි ජපන් සමාජය වෙත රෑගෙන යනු නොඅනුමානයි. NHKරෑපවාහිනී නාටය , චිත්‍රපට රෑගත කීරීම් ද මේ ස්ථානයේ බොහෝවිට සිදුකෙරේ. 

 

රෑගත කිරීමක සජීවී අත්දැකීමද විදගතහැකි ඔබට තවත් අමතක නොවන අත්දැකීමක්ද දැක බලා ගත හැකිය. ඒ ජපානයේ ඉපැරණි "නින්ජා "වරුන්ගේ බොහොම අපූරු සජීවී සටන් හරඹයන්ය. එපමණක් නොව සුන්දර කිමෝනාවකින් සැරසී අමතක නොවන ඡායාරූපක් ද ඔබට මෙහිදී ගන්නට පිලිවන්. 

   

  ජපන් එන්න හීන දකින ඔබ දියුණු තාක්ශණ ලෝකෙ විතරක් නෙමේ මෙවන් ඉපැරණි ජපන් සාමාජයක පැවති සුන්දරත්වයත් දැක බලා ගන්න අමතක කරන්න එපා.

 

views

214 Views

Comments

arrow-up