සුන්දර ජපානයේ සුන්දර ස්ථානයක්

සුන්දර ජපානයේ තවත් සුන්දර ස්ථානයක තොරතුරු බිදක් කියන්නයි මේ සූදානම.
ජපානයේ කනගව ප්‍රාන්තයේ තෝකිටෝවට දකුණුන් පිහිටි ප්‍රදේශයක් වන "කමකුර"පැරණි ඉතිහාසයකට උරුමකම් කියන නගරයකි.ජපන් ජාතිකයන් පමණක් නොව විදේශිකයන් අතරද මේ ප්‍රදේශය බෙහෙවින් සිත් ගන්නා ප්‍රදේශයකි.කමකුර අවට ජපන් zen ආගමට අයත් පන්සල්ද, ෂින්තෝ ආගමට අයත් ආශ්‍රමද රාශියක් පිහිටා ඇත.මේ අතරින් ඉතා වැදගත් ස්ථානයකි "කොතොකු ඉන් " නමින් හැදින්වෙන පන්සල.15වෙනි ශතවර්ෂයේ මීටර13ක් පමණ උසින් ලෝකඩින් නිමවන ලද බුද්ධප්‍රතිමාවක් පිහිටා ඇත.මෙම පන්සලේ තවත් සුවිෂේම ස්ථානයක් වන්නේ ජයවර්ධන ස්මාරකයයි.දෙවන ලෝක සන්ග්‍රාමයෙන් පරාජ වූ ජපනයට මුලු ලොවම එරෙහිව නැගී සිටිය මොහොතේ "වයිරයෙන් වයිරය නොසන්සිදේ " යන බුද්ධ වචනයෙන් කල දේශනයෙන් ජපානය යලිත් නගා සිටුවන ලදී.
එයට කෘතගුණ සැලකීමක් ලෙස මෙතුමාගේ ස්මාරකයක් තනවා අදටත් ජපන් ජාතිකයින් මෙතුමාට ඉමහත් ගෞරවයක් දක්වනු ලැබේ.
ශ්‍රී ලාන්කිකයන් හැටියට අපට කෙතරම් නම් ආඩම්බර විය හැකිද....නේද...
ඔබත් දිනෙක කමකුර සන්චාරයක යෙදුනහොත් නොවැරදීම මේ ස්මාරකයත් දැක බලාගන්න අමතක කරන්න එපා.
434 Views
Comments