ලෝක යුද්ධය සිහි කරන නුවරඑළියේ සාම ගස
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

ලෝක යුද්ධය සිහි කරන නුවරඑළියේ සාම ගස

ලෝක යුද්ධය සිහි කරන නුවරඑළියේ සාම ගස

පළමු ලෝක යුද්ධය අවසානය සිහිකරමින් ලංකාවේ සාම ගසක් සිටවූ බව ඔබ දන්නවාද? පළමු ලෝක යුද්ධය ලෝක වැසියාට ගෙන දුන් කඳුළු හා සුසුම් නිසා මහත් කම්පනයට පත් වූ සංවේදී කාන්තාවක් වන බ්‍රිතාන්‍ය සමයේ නුවරඑළියේ විසූ එම්.එම්. වෙඩබන් ආර්යාව 1919-07-19 වන දින ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ දී සයිප්‍රස් ගසක් රෝපණය කළාය. සාමයේ ගස ලෙස සලකන මෙම අහස උසට නැගි මහ සයිප්‍රස් ගස වික්ටෝරියා උද්‍යානයේ ඇති ගහ කොළ අතර ඉතා අභිමානයෙන් යුතුව වැජඹෙන්නේ විවිධ අවස්ථාවන් හි දී විවිධ හේතු මත විවිධ තරාතිරමේ පුද්ගලයින් සිටවනු ලැබූ සමරු ගස් අතරය.

1914 අගෝස්තු සිට 1918 නොවැම්බර් 11 දක්වා වසර 4 ක කාලයක් සමස්ත ලෝකයාටම මහත් පීඩාවක් ගෙන දුන් ලෝක යුද්ධය සඳහා මිත්‍රපාර්ශ්වික රටවල් බ්‍රිතාන්‍යය ප්‍රධාන කොටගෙන රටවල් 14කට වැඩි ගණනක් එකතු වී ඇත. ජර්මනිය ප්‍රධාන රටවල් 4 ක් එක්ව යුධ වැදීමෙන් සිදු වූ විනාශය එවකට ඇමරිකන් ජනාධිපති වුඩ්රෝ විල්සන් මහතා ගෙන ආ සුළු ජාතීන්ට සැලකීම, නිරායුධ කිරීම, රහස් සම්මුති අවලංගු කිරීම ඇතුළත් යෝජනා 14 කට එකඟව යුධ වැදුණු පාර්ශ්වකරුවන් පළමු ලෝක යුද්ධයේ නිමාවට පත් කරගෙන ඇත. කුරිරු යුද්ධය හමුවේ ආදරය, කරුණාව, දයාව වල් වැදී ඒ වෙනුවට ද්වේශය, වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය සමාජගත වූ බව කියැවේ. පළමු ලෝක යුද්ධය සඳහා මිත්‍රපාර්ශ්වික කණ්ඩායම කළ වියදම පවුම් 40,999,600,000 වන අතර ජර්මන් පාර්ශ්වය පවුම් 1,522,300,000 වශයෙන් පිළිගෙන ඇත.

 

 

 


නුවරඑළියේ එවක සහකාර ආණ්ඩු ඒජන්තවරයාව කටයුතු කළ එම්.එම්. වෙඩබන් මහතාගේ ආදරණීය බිරිඳ වූ වෙඩබන් ආර්යාව පළමු ලෝක යුද්ධය නිමා වී මාස 8 කට පසු මුළු මහත් ලෝකයාටම සාමය ප්‍රාර්ථනා කරමින් සිට වූ ගසට අද වන විට වසර 101ක් පමණ වේ. වෙඩබන් ආර්යාවට මෙම සාම ගස සිටුවීමට හේතු වූ තවත් සාධකයක් වන්නේ පළමු ලෝක යුදධය වෙනුවෙන් නුවරඑළිය ආශ්‍රිත පුද්ගලයන් 17 දෙනෙකු මිත්‍ර පාර්ශ්වය වෙනුවෙන් යුද්ධයට එක් වී මිය යාම වේ. ඒ පිළිබඳ නුවරඑළිය යුධ ස්මාරකයේ ද සටහන්ව ඇත. වෙඩබන් ආර්යාව විසින් ලෝකයට සාමය ප්‍රාර්ථනා කර රෝපණය කළ මෙම සයිප්‍රස් ගසට වසර 100ක් පිරීම නිමිති කරගෙන නුවරඑළිය මහා නගර සභාව විසින් සමරු උත්සවයක්ද පැවැත්වීය.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

324 Views

Comments

arrow-up