බ්රහස්පති සෙනසුරු සංයෝජනය බලන්න හෙටත් අවස්ථාව

අඳුරු දෙසැම්බරයේ, 21 දින රාත්රියේ බ්රහස්පති හා සෙනසුරුගේ අපූරුතම සංයෝජනයේ ඡායාරූප, කිහිප දෙනෙකු තම කැමරා කාචයට හසු කරගෙන ඇති ආකාරය අන්තර්ජාලය හරහා මේ වන විට නරඹන්නට හැකියාව ඇත. බ්රහස්පති සහ සෙනසුරුගේ මේ මහා සංයෝජනය නැරැඹීමට සඳුදා රාත්රියේදී බොහෝ දෙනා උත්සාහ කළේය. දකුණු කැරොලිනා හි WPDE-TV හි ප්රධාන කාලගුණ විද්යාවේදී එඩ් පියොට්රොව්ස්කි ජායාරූප අන්තර්ජාලය හරහා බෙදාහදා ගත් බොහෝ දෙනාගෙන් එක්කෙනෙකි. සවස 6 න් පසුව බ්රහස්පති සහ සෙනසුරුගේ සංයෝජනය ඔහුගේ දුරේක්ෂය හරහා දැකගත හැකි වූ බව ඔහු ඡායාරූප ට්වීට් එකක සඳහන් කළේය. “බ්රහස්පතිගේ චන්ද්රයින් 4 ක් යුරෝපා, ගැන්මිඩ්, අයෝ සහ කැලිස්ටෝ සහ සෙනසුරුගේ ටයිටන් සඳ පැහැදිලිව මා හට දැකගත හැකි විය." ඔහු සතුටින් පැවසීය. " සඳුදා ඔබට එය මඟ හැරුනේ නම්, ඔබට නත්තලට පෙර රාත්රියේදීත් මෙය නිවසින් පිටතට ගොස් නැරැඹීමට අවස්ථාව ඇත." ඔහු පැවසුවේය.
දෙසැම්බර් 24 වන විටත් මෙම ග්රහලෝක දෙක සමීපව පවතිනු ඇත. ඔබට මෙම සංයෝජනය එදිනටත් නැරැඹීමට අපොහොසත් වුවහොත්, බොහෝ නරඹන්නන් විසින් ගන්නා ලද සහ බෙදාගත් ඡායාරූප ඔබට අන්තර්ජාලය හරහාද දැකබලා ගත හැකිය. පියොට්රොව්ස්කි වැනි සමහරු, අන් අය සඳහා පින්තූර සමූහයන් එක් කරමින් සිටින බවද සටහන් කළහ. ඇත්ත වශයෙන්ම, නාසා ආයතනයට නම් එය ඉතාමත්ම සතුටුදායක හා විනෝදජනක දසුනක් විය. "එය තාරකාවක් නොවේ, ග්රහලෝක දෙකක්! හදෙහි සිට මෙය නැරඹීම නියමයි!" ට්වීට් පණිවිඩයකින් සදහන් කර තිබුණා. කනගාටුවට කරුණක් නම්, සෑම කෙනෙකුම මහා සංයෝජනය පැහැදිලි දර්ශනයක් ලබා ගැනීමට නොහැකි වීමයි. " ටොරොන්ටෝහි වලාකුළු සහිත අහසක් ඇති අතර අපට කිසිවක් දැකිය නොහැක” යනුවෙන් එක් ට්විටර් පරිශීලකයෙක් ලියා තිබුණි "බලාපොරොත්තු සුන්විය." පරිශීලකයන් සටහන් කර තිබුණි.
සෑම දෙනාටම පෙර නොවූ විරූ වේදනාවක් හා ශෝකයක් ඇති වූ මෙවැනි වසරක දී, මේ ග්රහලෝක අතර වූ සංයෝජනය මගින් බොහෝ දෙනාට විශ්වයේ අප සිටිනා ස්ථානය ගැන ගැඹුරින් සිතා බැලීමට හැකියාව ලැබුණා. එක් ට්විටර් පරිශීලකයෙක් මෙසේ ලිවීය. “මම එය දෙස බලා සිතමි. කොහේ හරි ජීවිතයක් තියෙන්න ඕන කියා. ” තවත් කෙනෙකු මෙසේද ලියා තිබුණි, "දීප්තිමත්, මම මේ දෙස බලා අඩනවා. මේ මොහොතේ අප සිටිනා තැන ඇති දේට වඩා ලස්සන දෙයක් දැක්කා." . දෙසැම්බර් 24 වන දින ඔබත් මෙම සංයෝජනය තවදුරටත් නැරැඹීමට උත්සාහ කර බලන්න අවස්ථාව ඇත.
by Kaushalya De Silva
Photo source : Internet
362 Views
Comments