දරුවන් වෙනුවෙන් Messenger Kids App
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

දරුවන් වෙනුවෙන් Messenger Kids App

දරුවන් වෙනුවෙන් Messenger Kids App

ලොව පුරා බිලියන ගණනක් පරිශීලකයන් අද වන විට Facebook පහසුකම භාවිතා කරනවා. Facebook සමාගම ඔවුන්ගේ Messenger පහසුකම දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම ලබා දීමට සූදානම් වී තියෙනවා. ඒ අනුව Messenger Kids app එක ලංකාව ඉන්දියාව ජපානය නවසීලන්තය වැනි නව රටවල් 70කට අධික සංඛ්‍යාවකට ලබාදීමට තීරණය කර ඇති බව මේ වන විට නිවේදනය කර තිබෙනවා. Messenger kids app එක මුලින්ම ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල් වල භාවිතා කරනු ලැබුවා.
වර්තමානයේ මෙම වෛරසය ව්‍යාප්තිය නිසා පුද්ගල දුරස්තභාවයේ අවශ්‍යතාවය මත පාසල් වසා දැමීමත් සමග දෙමාපියන් අන්කවරදාටත් වඩා තාක්‍ෂණය වෙත යොමුවී ඇති අතර තම දරුවන්ට මිතුරන්, ගුරුවරුන් හා පවුලේ අය සමඟ සම්බන්ධ වීමට ප්‍රයෝජනවත් මාධ්‍යයක් ලෙස Messenger Kids app එක අනෙකුත් රටවල් සඳහා ද ව්‍යාප්ත කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. Messenger Kids යෙදවුම පෙරට වඩා වැඩි පාලනයකින් යුක්තය.‌‌ මේ සදහා Facebook සමාගම විසින් දරුවන් මිතුරන් සමඟ සම්බන්ධ කිරීමට දෙමාපියන්ට උපකාර කිරීම සඳහා නව විකල්ප තුනක් ඉදීරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. විශේෂ කාරණය වන්නේ Messenger Kids App එක තුලින් ‌දෙමාපියන්ට තම දරුවන් ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණයට මූලික ස්ථානයක් ලබාදීමය.

 

 

 


‌දෙමාපියන්ට අදාල group වල සිටින තම දරුවාගේ මිතුරන් පිළිබද විස්තර ද Parent Dashboard එක හරහා නිරීක්ෂණයට නව සංස්කරණය තුලින් අවස්ථාව ලැබෙනවා. Messenger Kids තුලින් මිතුරන් එකතු කරගැනීමට පහසු වන පරිදි තම දරුවාගේ නම සහ Profile photo එක තම දරුවා සමඟ දැනටමත් සම්බන්ධ වී ඇති දරුවන්ගේ මිතුරන් හට සහ ඔවුන්ගේ දෙමාපියන් හට දර්ශනය වන ලෙස සකස් කිරීමේ අවස්ථාව දෙමාපියන්ට හිමි වෙනවා. මෙහි යොදාගනු ලබන භාශාමය කොටස් කුඩා දරුවන් හට පහසුවෙන් තේරුම්ගත හැකි ලෙස සකස් කිරීමට Facebook සමාගමේ Youth Advisors හි සාමාජිකයෙකු වන ආචාර්යය Lewis Bernstein ගේ සහාය ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ‌දෙමාපියන්ට තම දරුවන් සිටින group එකක් ‌වෙත වැඩිහිටියකු ඇතුලත් කිරීමට හැකියාව ලැබෙන අතර මෙලෙස ඇතුලත් කරනු ලබන පුද්ගලයා හට group එකේ සිටින අනෙකුත් දරුවන් සමඟ සම්බන්ධ විය හැක්කේ එම දරුවන්ගේ දෙමවුපියන් විසින් ද ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත්නම් පමණි. ඒ අනුව කුඩා දරුවන් සඳහා දෙමාපිය මග පෙන්වීම් පෙන්වීම යටතේ Messenger පහසුකම වඩාත් ආරක්ෂිතව භාවිතා කළ හැකි වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source : Internet

 
views

208 Views

Comments

arrow-up