ස්ත්‍රියට නුසුදුසු දේහ ලක්ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

ස්ත්‍රියට නුසුදුසු දේහ ලක්ෂණ

ස්ත්‍රියට නුසුදුසු දේහ ලක්ෂණ

පුද්ගලයකුගේ දේහ ලක්ෂණ අනුව ඔහුගේ චරිත ලක්ෂණ කිව හැකි බව ප්‍රසිද්ධ කාරණයක් වෙනවා. මේ සූදානම් වෙන්නේ කාන්තාවකට නුසුදුසු දේහ ලක්ෂණ ගැන ඔබව දැනුවත් කරන්න.

 

  • ස්ත්‍රියකගේ රෝම කූපයක රෝම දෙක බැගින් පිහිටියේ නම් ඇය දිළිඳු වැන්දඹුවකි. රළු රෝම සහිත ස්ත්‍රිය දරුණුය, දුෂ්ටය, හිතුවක්කාරිය.

 

  • ස්ත්‍රියකගේ දඹර ඇඟිල්ල පමණට වඩා දික්වූ යේ ද ඇය ඉතා මුරණ්ඩු තම සැමියාට පවා නින්දිත ලෙස කතා කරන තැනැත්තියකි.

 

  • පොළවට මහත් ඉහළින් සුළැඟිල්ල පිහිටි කතගේ සැමියා අඩු වයසින් මියයයි.

 

  • පර පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවගේ සුළැඟිල්ල අහස දෙසට ඉස්සී තිබේ.

 

  • ස්ත්‍රියකගේ පාදයේ ඇඟිලි එක පිට එක සිටින ආකාරයට පිහිටියේ ද ඇය පරපුරුෂයන් සමග සතුටු වන්නීය. නිරූපිකාවන්ගේ ඇඟිලි මෙසේ පිහිටා ඇත.

 

  • ගමන් කරන විට දෙවැනි ඇඟිල්ල බිම ස්පර්ෂ නොවේ නම් ඇගේ පළමු සැමියා මියයයි. ඇගේ දෙවැනි සැමියාත් මියයයි. මැදඟිල්ල බිම ස්පර්ශ නොවේ නම් තෙවැනි සැමියා ද මියයනු ඇත.

 

  • කාන්තාවකගේ දෙනෙත වට වූද මොළොක් වූයේ ද නිල් පැහැ වූයේ ද ඇස් බැම දුන්නක් ආකාර වූයේ ද ඇය රාගාධික වන අතර, තුනී වූ පහතට නැවුනා වූ ඇස් ඇත්තී පරපුරුෂයන් කරා යන්නේය.

 

  • තවද දිගුවන් වූ ද මහත් වූ ද ඍජු වූද අක්ෂි යුගල සහ තුනී වූ ලෝම සහිත දෙබැම ඇත්තී අශිෂ්ට ගුණෙයන් යුතු වේ.

 

  • අග මහත් වූ රත් පැහැ ගැන් වූ නැමීගිය ස්වභාවයක් පෙන්නුම් කරන නහය ඇත්තී සැමියා විසින් අතහැර දමන්නියක් වන බවත්, අග පැතලි වූ නාසය ඇත්නම් අනුන්ට බැල මෙහෙවරකම් කරන්නියකි.

 

  • පහතට එල්බෙන්නා වූ නාසය ඇත්තී සැමියාට විරුද්ධකම් කරන ගුප්ත ලෙස සොර සැමියන් සොයායන්නියකි.

 

  • ස්ත්‍රී නළල් තලය රෝමවලින් වැසී තිබීම ලෙඩ රෝග වැලඳීමට හේතු වේ.

 

  • පිරුණු බවින් යුතු කොණ්ඩය ඇති කත මානයෙන් හිස උදුම්මා ගත් දාමරික අය සමග සම්බන්ධකම් පවත්වන වැරැදි ක්‍රියාවලට සම්බන්ධ වන කෙනෙක්වේ.

 

  • කාන්තාවකගේ ඉදිරි දත් පෙළ අතර හරි මැද හිදැසක් තිබේ ද ඇයගේ විවාහ ජිවිතයට කරදර ඇති වේ.

 

  • යට ඇන්දේ දත් විකාර ලෙස පිහිටියේ නම් ඇය විශ්වාස කළ නොහැකිය. නිකට හරි මැද උපන් ලපයක් පිහිටීම කාමුක බව පෙන්වයි. තවද නිකටෙහි රැවුල මෙන් රෝම ඇත්තේ පාපී ස්ත්‍රියන්ටය.

 

  • ඉන්නෙක් මෙන් විශාල ලපයක් නිකට මැද ඇත්නම් ඇය චරිතය කෙලෙසා ගන්නා පව්කාරී කාන්තාවකි.

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

1440 Views

Comments

arrow-up