ව්‍යාපාරික අවදානම අඩු කරගන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

ව්‍යාපාරික අවදානම අඩු කරගන්නේ මෙහෙමයි

ව්‍යාපාරික අවදානම අඩු කරගන්නේ මෙහෙමයි

ආයතනයක් දැනට මුහුණ දෙන අවධානම ඉතා ඉහළ බවත් එය පිළිගත හැකි මට්ටමක නොපවතින නිසා එය අඩු කර ගැනීමට කටයුතු කළ යුතු යැයි කළමනාකරණය තීරණය කළ හැකිය. අවදානම අඩුකර ගැනීමේ ක්‍රමය පදනම් වන්නේ එම අවදානමෙහි ස්වභාවය අනුවයි. අවදානම් අඩු කර ගැනීමේ ක්‍රම කිහිපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

1. විවිධාංගීකරණය (Diversification)

අවදානම් විවිධාංගීකරණය කිරීම යනු අවදානම් කළමනාකරණය සඳහා යොදා ගන්නා උපාය මාර්ගයකි. එය විවිධ ආකාරයේ අවදානම් සහිත ආයෝජන කළඹක් නිර්මාණය කිරීමෙන් අවදානම බෙදාහැරීමට සැලසුම් කරයි. උදාහරණයක් ලෙස සමාගමක් තනි භාණ්ඩයක් නිපදවා විකිණීම කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම වෙනුවට විවිධ ආකාරයේ භාණ්ඩ පෙළක් නිෂ්පාදනය කර විකිණීමට තීරණය කළ හැක. විවිධ භාණ්ඩ වලට විවිධාංගීකරණය කිරීමෙන් පසු සමහර භාණ්ඩ අපේක්ෂා කළ තරම් ලාභදායී නොවිය හැකි අතර අනෙකුත් ඒවා වඩාත් ලාභදායී වීම තුළින් අවධානම අඩුවේ. එසේම සමාගමකට විවිධ භූගෝලීය වෙළඳපළවල් කරා විවිධාංගීකරණය කළ හැක. එසේ කිරීමෙන් සමහර භූගෝලීය කලාප වල ඇති වන බලාපොරොත්තු සුන් වන ආකාරයෙන් විකුණුම් පහත වැටීම, වෙනත් කලාප වල විකුණුම් අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා ඉහළ යාම තුළින් තුලනය වීම නිසා අවදානම අඩු විය හැක. සමහර අවස්ථා වල විවිධාංගීකරණය තුළින් අවදානම අඩු කරනු වෙනුවට අවදානම වැඩි වන අවස්ථාද ඇතිවිය හැක. සමාගමක් තමන්ට කලින් අත්දැකීම් නැති සහ දැනට ඒවායේ යෙදී සිටින තරගකරුවන්ගේ වත්මන් භාණ්ඩ හා සේවා වලට වඩා හොඳ එසේ නැත්නම් අලුත් යමක් ගනුදෙනුකරුවන්ට පිරිනැමීමට නොමැති කර්මාන්තයකට හෝ වෙළෙඳ පොළකට විවිධාංගීකරණය වීමට තීරණය කළ අවස්ථාවක මෙය සිදුවිය හැකිය.

 

 

 


2. අවදානම් බෙදාගැනීම (Risk sharing)

බද්ධ ව්‍යාපාරයක් හෙවත් බද්ධ මෙහෙයුමක් යනු ස්වාධීන සංවිධාන දෙකක් හෝ ඊට වැඩි ගණනක ආයෝජනයක් හෝ ව්‍යාපාර කටයුත්තක් හෝ මෙහෙයුමක් කරගෙන යාම සඳහා වන වැඩපිළිවෙළකි. බද්ධ ව්‍යාපාරයක් හෝ මෙහෙයුමක් නිර්මාණය කළ හැකි විවිධ ක්‍රම ඇත. එක් ක්‍රමයක් නම් එකිනෙකට වෙනස් මාගම් දෙකක් නව ව්‍යාපාරයෙ 50% ක කොටසක හිමිකමක් එක් එක් සමාගමට අයත් වන ලෙස නව බද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. සංවර්ධනය වන රටවල බද්ධ ව්‍යාපාර ඉතා සුලභ දෙයකි. වෙනත් රටක ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර සමාගමකට ඒ රටේ සමාගමක් සමග බද්ධ ව්‍යාපාරයක් ආරම්භ කළ හැක. ජාත්යන්තර සමාගම ආයෝජන ප්‍රාග්ධනය සහ විදේශ වෙළෙඳ පොළට ප්‍රවේශ වීමේ පහසුකම් සලස්වන අතර දේශීය සමාගම බද්ධ ව්‍යාපාරයට අවශ්‍ය වන දේශීය දැනුම හා පළපුරුද්ද සපයා දිය හැකිය. අවදානම බෙදාගැනීමේ තවත් උදාහරණයක් නම් වරලත් නියෝජිතයන් පත් කිරීමයි. උදාහරණ ලෙස mcdonalds සහ starbucks යන ජාත්‍යන්තර සමාගම් පෙන්වා දිය හැක. ජාත්යන්තර සමාගම සහ දේශීය ව්‍යාපාරිකයන් අතර ඇති වැඩපිළිවෙළ බද්ද ව්‍යාපාරයක ස්වරූපයක් ගන්නා අතර අවදානම් සහ ප්‍රතිලාභ දෙපාර්ශ්වය විසින් බෙදාගනු ලැබේ.

3. වියාපාර ආපතික සැලසුම් කිරීම (Business contingency planning)

අාපදා ආවරණ සැලසුම්කරණය නමින්ද හදුන්වන ව්‍යාපාර ආපතික සැලසුම් කිරීම යනු ආයතනයේ ව්‍යාපාරික කටයුතුවලට බාධා පමුණුවන ආකාරයේ බරපතල අවදානම් සිදුවීම් වලට මුහුණ දීම සඳහා කල්තබා සැළසුම් කිරීමයි. ආපදා සිදු වීම තදබල කුණාටුවකින් වන හානි හෝ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක ප්‍රතිඵල විය හැක. තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ආයතන වලට තොරතුරු තාක්ෂණ පද්ධති බිඳවැටීමක් ආපදා සිදුවීමක් විය හැක. ව්‍යාපාර ආපතික සැලසුම්කරණයේ පරමාර්ථය වන්නේ ආපදා සිදුවීමකදී අත්‍යවශ්‍ය මෙහෙයුම් බාධාවකින් තොරව දිගටම කරගෙන යාම සඳහා කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් සූදානම් වීමයි.

 

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

470 Views

Comments

arrow-up