සොබාදහමේ දත් බුරුසුව ඇපල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

සොබාදහමේ දත් බුරුසුව ඇපල්

සොබාදහමේ දත් බුරුසුව ඇපල්

සොබාදහමේ දත් බුරුසුව යන නම ඇපල් වලට පට බැඳිලා තියෙන්නේ ඇපල් ගෙඩියක් රස බලන විට දත් බුරුසුවකින් මදිනවාට වඩා හොඳින් දත් අතර පිරිසිදු වන නිසයි. ඇපල් වල සියුම් කෙඳි සහිත කොටස් ඇති අතර එහි යුෂ බොන විට කෙල ප්‍රමාණය වැඩිකරනවා. කෙල කියලා හොඳ මුඛ සේදුම් කාරකයක්. එපමණක් නොවෙයි සෙමෙන් සෙමෙන් ඇපල් කෑලි තබන විට විදුරු මස් මාංශ පේශීන්වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. නිතර පැණිබීම පානය කරන අයට හා පේස්ට්‍රි කෑමට ගන්න අයට ඇපල් කෑමට දීම මගින් දත් වලට වන හානිය අවම කරගන්න හැකියාව තියෙනවා. ඇපල් කියන්නේ සෞම්‍ය බවින් පිරුණු පලතුරක්. එය කොතරම් සෞම්‍යද කියනවා නම් කියනවනම් සිඟිත්තෙකුට වුනත් මුලින්ම රස බලන්න දෙන්න පුළුවන්. අධික ලෙස අම්ල සාන්ද්‍රනයෙන් යුතු ඇතැම් පලතුරුවලට වඩා ඇපල් ගෙඩි සහ ඇපල් යුෂ පොඩි අයට කදිමට ගැලපෙනවා. නමුත් මේවායින් වස විසවලින් තොර ඇපල් තෝරාගැනීමට තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතු වෙනවා.

ඇපල් වල දියවෙන හා දිය නොවන යකඩ අඩංගු වෙනවා. දිනකට ඇපල් ගෙඩියක් අනුභව කිරීමෙන් රුධිරයේ අඩංගු අහිතකර කොලෙස්ට්‍රෝල් 8%ත් 11%ත් ප්‍රමාණයක් අඩුකර ගත හැකි වෙනවා. විශාල ඇපල් ගෙඩි දෙක තුන දෙකකින් අහිතකර කොලෙස්ට්‍රෝල් 16% පමණ අඩුකර ගන්න පුළුවන්. ඇපල් සිරුරෙන් ඉවත් කරන්නේ අහිතකර කොලෙස්ටරෝල් පමණක් නොවේ. මර්කරි ලෙඩ් වැනි විෂ වර්ග සිරුරෙන් ඉවත් කිරීම සඳහා ඒවා උපකාරී වෙනවා. මල බද්ධය වගේම ඩයරියා වැනි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින්නට ඇපල් කියන්නේ හොඳ ඖෂධයක්.

 

 

 


හෘද රෝග අඩු කිරීමේ හැකියාවක් කේටරින් අඩංගු ආහාර වලට තියෙන අතර ඇපල් කියන්නේ කේටරින් අඩංගු ප්‍රධානතම ආහාරයක්. වකුගඩු වල ගල්වලින් බේරී සිටින අවශ්‍යනම් ඇපල් යුෂ වීදුරුවක් පානය කරන්න. දිනපතා ඇපල් යුෂ වීදුරුවක් පානය කරන්න හෝ දිනපතා දොඩම් පානය කරනවා නම් මුත්‍රා ගල් සෑදීමේ හැකියාව අඩුවන බව පර්යේෂණ වලින් අනාවරණය කරගෙන තියෙනවා.

ඇපල් වල පොත්තේ ඉහළ සාන්ද්‍රණයකින් අඩංගුව ඇති විස නාශකවලට අපේ සම රැකගැනීමේ හැකියාව තියෙනවා. ඒවා පෙනහලුවල ක්‍රියාකාරීත්වය වැඩි කරන ගුණදායි ශ්වසන රෝග රැසකට ගුණදෙනවා. දවසකට එක් වරක් හෝ ඇපල් යුෂ පානය කරන දරුවන්ට ඇදුම රෝගය වැළඳෙන්නේ අඩුවෙන් බව සොයාගෙන තියෙනවා. රතු පැහැයට අපේ ඇස ගියත් කහ කොළ ඇපල් කෑමට වඩාත් සුදුසුයි. ඇපල් යුෂ පානය කරනවාට වඩා නැවුම් ඇපල් කෑමෙන් වැඩි පෝෂණයක් ලබාගන්න පුළුවන්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

663 Views

Comments

arrow-up