තායි ග්‍රීන් චිකන් කරිය - Thai Green Chicken Curry
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

තායි ග්‍රීන් චිකන් කරිය - Thai Green Chicken Curry

තායි ග්‍රීන් චිකන් කරිය - Thai Green Chicken Curry

අළුත්ම ආකාරයට චිකන් කරියක් හදන විදිය බලමුද අපි ? ඔයාලත් කැමතියි නේ ? ..

ඉතින් ඔන්න අපි අද ඔයාලට ගෙනාවේ තායි ක්‍රමයට චිකන් කරියක් සකස් කරගන්න ක්‍රමයක්. ඔයාලත් හදලා බලන්න. රයිස් එකක් එක්ක කන්නත් නියමයි.

අවශ්‍ය ද්‍රව්‍ය,

> කරි පේස්ට් එක සදහා,

 

  •  කුඩා සුප් කැට 4 ක් කුඩු කරගන්න ( සීසනිං පවුඩර් යොදා ගන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් චිකන් ස්ටොක් පවුඩර් ටිකක් තියෙනවානම් මේ ඕනෑම එකක් යොදා ගන්න පුළුවන් )
  •  කොත්තමල්ලි මේස හැදි 01 ක්
  •  සූදුරු තේ හැදි 01 ක්
  •  අමුමිරිස් කරල් 15 ක්
  •  කපාගත් ළූණු ගෙඩි 01 ක්
  •  සුදු ළූණු බික් 08 - 10 ක්
  •  අගල් 02 ක පමණ ඉගුරු කැබැල්ලක්
  •  කපාගත් සේර කැබැල්ලක්
  •  ලෙමන් ගෙඩියක ලෙල්ල
  •  කොත්තමල්ලි දළු හා මුල් 08 - 10 ක්
  •  ගම්මිරිස්
  •  ලුණු කුඩු තේ හැදි 01 ක්
  •  බැසිල් කොළ 15 ක්


> කරිය සදහා,
 

  •  පොල් කිරි මේස හැදි 08 ක්
  •  වතුර කෝප්ප 03 ක්
  •  තෙල් මේස හැදි 02 ක්
  •  සිහින්ව කපාගත් අගලක පමණ ඉගුරු කැබැල්ලක්
  •  කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 500 ක් ( අගලක පමණ ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්න )
  •  මෑ ඇට කෝප්ප 01 ක්
  •  බැසිල් කොළ 10 ක්
  •  ලෙමන් කොළ 08 ක්
  •  රස අනුව ලුණු

 


- කරි පේස්ට් සාදන ආකාරය,

මුලින්ම කබලක කොත්තමල්ලි හා සූදුරු මිනිත්තු 03 - 04 ක් බැද නිවෙන්න හරින්න. පේස්ට් එකට ඉහත දී තියෙන කලමනා සියල්ලම සමඟ කොත්තමල්ලි, සූදුරු හා සුප් කැට බ්ලෙන්ඩරයට දමා හොඳින් තලපයක් එන තුරු බ්ලෙන්ඩ් කර ගන්න. ඕන නම් වතුර ටිකක් එකතු කරගන්න. ( මෙම තලපය කල් තබා ගන්නවනම් ශීතකරණයක සති 03 ක් 04 ක් පමණ වුනත් තියාගන්න පුළුවන් )

- කරිය සාදන ආකාරය

පොල් කිරි, වතුර කෝප්ප 03 ට දමා දියකරගන්න. තෙල් ටික රත්කර කරි පේස්ට් එක විනාඩි 02 - 03 ක් තෙම්පරාදු කරගෙන ඒකටම පොල් කිරි සහ ඉගුරු එකතු කර විනාඩියක් විතර පිසගන්න.

දැන් කුකුල් මස්, මෑ ඇට, බැසිල් කොළ, ලෙමන් කොළ, මේ ඔක්කොම එකතු කරගෙන මස් ටික ඉදෙන තුරු මද ගින්නේ පිස ගන්න. රස අනුව ලුණු එක්කරගෙන උණු උණුවෙන්ම කෑම මේසයට පිළිගන්වන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

627 Views

Comments

arrow-up