ගණිත ගැටළු පහසුවෙන් විසඳමු - 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

ගණිත ගැටළු පහසුවෙන් විසඳමු - 01

ගණිත ගැටළු පහසුවෙන් විසඳමු - 01

අපේ ගොඩක් දුවා දරුවන් ගණිත ගැටළුවක් ආවම ඒක මනසින් හදන්න ටිකක් බය වෙනවා. ඒ විතරක් නෙමෙයි දෙමාපියන්ද එහෙමයි. ගණිත ගැටළු පහසුවෙන්ම විසඳිය හැකි ඉතාමත් සරල ක්‍රම කිහිපයක් අරගෙන ආවා. අළුත් අවුරුද්දේ අළුත් වසරකට පා තබන අපේ පුංචි දුවා දරුවන්ට මේ ක්‍රම වේදයන් වටිනවා යැයි අපි සිතමු.

 

> විශාල සංඛ්‍යා එකතු කිරීම

 

මෙම ක්‍රමය මගින් ඕනෑම සංඛ්‍යාවක් අපි ආසන්නතම 10 ට වැටයීමෙන් විසදීම සිදු කරනවා.

 

උදාහරණයක් ලෙස : 644 + 238 මෙම සංඛ්‍යා දෙකෙහි එකතුව ලබා ගැනීමට මුලින්ම එය එම සංඛ්‍යා දෙකම ළඟම ඇති 10 ට වටයනවා. එනම් 644 සංඛ්‍යාව 650 ලෙසත් 238 සංඛ්‍යාව 240 ගැනීම සිදුකරනවා. දැන් ඔබට මෙය එකතු කිරීම හරිම පහසුයි.

650 + 240 = 890

එහෙත් අප පෙර සඳහන් කළ ප්‍රශ්ණයට පිළිතුර ලබා ගන්නට නම්, අප ආසන්නතම සංඛ්‍යාවන්ට වැටයීමට කොපමණ ප්‍රමාණයක් එකතු කලේද යන්න සෙවිය යුතුයි. අප 650 ක් ලෙස ගත්තේ 6 ක් එකතු කිරීමෙන් හා 240 ක් කළේ 238 2 ක් එක් කිරීමෙන් බව ඔබ දන්නවා ඇති. එවිට ඔබ 6 + 2 = 8 ත් ඉහත සංඛ්‍යා වැටයීමට එකතු කරගත් බැවින්. දැන් ඔබ කළ යුත්තේ සැබෑ එකතුව සෙවීමට 890 න් මෙම 08 අඩු කිරීමක් පමණි. එවිට ඔබට එන පිළිතුර 882 කි. එසේනම් අවසානයේදී 644 + 238 = 882 වේ.

 

 

අප තවත් මෙවැනිම ආකාරයේ ගණිත ගැටළුවක් නැවතත් විසඳමු.

 

768 + 572 770 + 580 = 1350 768 2 ක් එකතු කර 770 , 572 8 ක් එකතු කිරීමෙන් 580 ද සෑදුවා. දැන් අප මේ වැඩිපුර එකතු කළ 2 ත් 8 ත් එකතු කර විට 10 ක් පිළිතුර ලෙස එනවා. දැන් පෙර පිළිතුර වන 1350 න් 10 ක් අඩු කළ යුතුයි. එවිට මුලින්ම අප ගත් ගැටළුවට විසදුම ලැබේ. 1350 - 10 = 1340 768 +572 = 1340

 

> 1000 න් සංඛ්‍යාවක් අඩු කිරීම

 

මෙහිදී අප 1000 න් අඩු කිරීමට දෙන සංඛ්‍යාවේ මුල සිට අවසාන අගයට එන තෙක් සෑම ඉලක්කමක්ම 09 න් ද අවසාන ඉලක්කම පමණක්ද 10 න් අඩුකරගෙන යනවා. උදාහරණයක් ලෙස ,

 

1000 - 556

 

මෙම 556 හි 9 න් පළවෙනි 5 අඩු කළ විට පිළිතුර = 4 9 න් දෙවෙනි 5 අඩු කළ විට පිළිතුර = 4 10 න් අවසාන 6 අඩු කළ විට පිළිතුර = 4 ද වේ. එසේනම් 1000 - 556 = 444 වේ. අප තවත් එවැනිම වූ ගණිතමය ගැටළුවක් විසදා බලමු. 1000 - 785 9 - 7 = 2 යි 9 - 8 = 1 යි 10 - 5 = 5 යි එවිට 1000 - 785 හි පිළිතුර 215 ක් ලෙස අපිට පිළිතුර ලැබේ.

 

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1160 Views

Comments

arrow-up