"බබා ලැබිලා ගෙදර ආවාම බබාව පිළිගන්න දහසකුත් අය හිටියාට අම්මට ඇනුම් පද කියන්න කී දෙනෙක් ඉන්නවද..? " දිනක්ෂි එක්කළ අමුතු සටහන
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

"බබා ලැබිලා ගෙදර ආවාම බබාව පිළිගන්න දහසකුත් අය හිටියාට අම්මට ඇනුම් පද කියන්න කී දෙනෙක් ඉන්නවද..? " දිනක්ෂි එක්කළ අමුතු සටහන

"බබා ලැබිලා ගෙදර ආවාම බබාව පිළිගන්න දහසකුත් අය හිටියාට අම්මට ඇනුම් පද කියන්න කී දෙනෙක් ඉන්නවද..? " දිනක්ෂි එක්කළ අමුතු සටහන

වර්තමානය වෙද්දී මෙරට කලාව තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිත බවට පත්ව තිබෙනවා. ඇත්තෙන්ම ඊට හේතුව වෙන්නේ ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවන් තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත්වීමයි. ඒ බව නොරහසක්. කොහොමහරි ඉතින් දිනක්ෂි සාරංග කියල කියන්නෙත් මේවෙනකොට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් යුවළක්.

 

කොහොම නමුත් එදිනෙදා ජීවිතේ බොහෝ දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම නිසාවෙන්ම ඔවුන් පිළිබඳ මෙරට රසිකයන් හොදින්ම හදුනනවා. කෙසේවෙතත් වර්තමානයේ දිනක්ෂි සාරංග යුවළට බොහෝදෙනෙකු විවිධාකාර විවේචනයන් සිදුකරන අතරම තවත් පිරිසක් ඔවුන්ගේ ඉදිරි ජීවන කටයුතුවලට සුබ පතනවා. ඒ විතරක් නොවෙයි මේ යුවළ වරින් වර සමාජ මාධ්‍ය වලට එක්කරන සමහර ජායාරූපයන්ට විවේචන සිදුකරන පුද්ගලයින්ට පසුගිය කාලසීමාව තුළදී දෙදෙනාම විවෘතව අදහස් එකතු කරලා තිබුණා.

 

කොහොමහරි ඉතින් මේවෙනකොට ඉතාමත් සතුටින් කාලය ගතකරන සාරංග දිනක්ෂි යුවළගේ පුංචි කැදැල්ලට සිගිති දියණියකුත් එක්වෙලා තිබෙනවා. ඉතින් පුංචි දියණියකගේ මව්පියන් වෙන මේ යුවළ පසුගිය කාලයේ පුංචි දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩිපුර කතා බහ කළා. කොහොම නමුත් දියණිකගේ මව්පියන් වෙන ඔවුන් දරුවන් වෙනුවෙන් පෙනී සිටින්න අමතක කරන්නේ නැහැ. ඒ හේතුව නිසාවෙන්ම දිනක්ෂි පසුගිය දිනක සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුමට දරුවන් වෙනුවෙන් සහ අලුතින් මව් පදවිය ලැබු මවක් වු විට කෙනෙක්ගේ හැගීම්වල ගරු කරමින් අපි කටයුතු කරන්නේ කොහොමද කියන ආකාරයෙ සටහනක් එක්කර තිබුණා. එලෙස ඇය එක්කළ සටහන මෙසේයි...,

 

පිටරට සුදු අම්මලාට නැති ලංකාවේ අපේ අම්මලාට තියෙන මානසික පීඩනය.
 

අලුත් අම්මෙකුට දරුවෙක් ලැබුනාට පස්සේ මානසිකව ගොඩක් පීඩා විදිනවා. ඔය පීඩනය පටන් ගන්නේ බබෙක් ලැබෙන්න කලින් ඉදන්. ඒ කියන්නේ කසාඳ බදින්නත් කලියෙන්නේ. ඉස්සෙල්ලාම දකින දකින අය අහන්නේ කසාඳ බදින්නේ නැද්ද. ඊටපස්සේ අහන්නේ මැරි කරලා අවුරුදු කීයක්ද තාම දරුවො නැද්ද. දරුවෙක් ලැබුනාම තාම එකයිද මට ඔය වයසෙදි තුනක් හිටියා.

 

ඊටපස්සේ ළමයා කෙට්ටුයි මහත වැඩි එක එක ප්‍රශ්න ඒ හැම ප්‍රශ්නයක්ම වට පිටාවේ මිනිස්සුන්ට මිසක් තමන්ට නෙවෙයිනේ. බබෙක් කුස දරන් ඉද්දි දුවෙක්ද පුතෙක්ද. පුතෙක් ඇතෙක්නේ දුවෙක් සිරියාව අම්මේ ඉතින් ඉස්සල්ලාම දුවෙක් වාසනාව ඉස්සල්ලාම පුතෙක් හයියක් පින පින පින මම නම් ආසාවෙන් හිටිය ළමයා තමයි මට ඉස්සල්ලාම ලැබුනේ අනේ බලන්නකෝ නේද වාසනාවන්තයි නේද මම. අර එහා ගෙදර නංගිට අංගවිකල දරුවෙක් ලැබිලලු නේද. අනේ මන්දා පව්කාර කම. බලන්නනම් එපා ඒ ළමයා දිහා. අපි දකින කෙනා වගේනේ ළමයා ලැබෙන්නේ. බල්ලො පූසෝ අතගාන්න එපා අප්පෝ ළමයගේ මූණත් ඒ වගේ වෙනවලු. ඔතනත් මානසික පීඩනය දීලා දීලා අම්මලාව තද කරනවා.

 

කල්පනා කරලා බලන්නකෝ බබා ලැබිලා ගෙදර ආවාම බබාව පිළිගන්න දහසකුත් අය හිටියාට අම්මට ඇනුම් පද කියන්න කී දෙනෙක් ඉන්නවද කියලා. එතකොට මානසික නිදහසක් කොයින්ද. අපේ ළමයා නම් කරි කල හතක් බිව්වා. අපේ ළමයගෙන්නම් කිසි වදයක් නෑ අනේ නැලවිලි ගීයක් කියපු ගමන් නිදි. චුට්ටකට ළමයා ඇඬුවොත් ඇයි අඬන්නේ බඩ පිරිලා නෑ නේද. ඇයි ඔයාට කිරි නැද්ද. කිරි දෙන්න ඕනේ බඩ පිරෙන්න. බලෙන් දෙන්න. ඇහැරවලා දෙන්න. අම්මා කෙනෙක් උනාම හැමදේම දරාගන්න ඕනේ. නිදාගන්න බෑ තමයි ළමයි හැදුවාම ඔහොම තමයි.

 

නිදහසක් අහලකවත් නෑ තමයි හොයන්නත් එපා දරුවො ලැබුණාම ඔහොම ඉන්න ඕනා. දරුවෙකුට ආදරේ අම්මෙක් උනාම දරුවො මත්තෙම නැහෙන්න ඕනේ. අම්මා කෙනෙක් උනාම චූ නාන්න ඕනේ. කක්කා නාන්නා ඕනේ. අප්පෝ පැම්පස් දාන්න එපා. ඕවා දැම්මාම ළමයිගේ කකුල් බකල් වෙනවා. ළමයි පොඩි කාලේම වඳ වෙනවා. අපිනම් චූ පෙරාගෙන කක්කා පෙරාගෙන ළමයි බැලුවේ. පැම්පස් අන්දන්න අම්මලා දරුවෙකුට ආදරේ අම්මලා නෙවෙයි.

 

ඔයාට නෝර්මල්ද , සීසර්ද.. අප්පෝ අපේ ළමයානම් හරිම ලේසියෙන් කරදරයක් නැතුව ලැබුනා. සීසර් බබා ලැබෙන අම්මලාට කොයින්ද දරුදුක. නෝර්මල් බබා ලැබුනාම යෝ නියේ දාන කැපුම ලොකු උනොත් husband පිට යනවලු නේද. අනේ මන්දා අනේ. බබාට දෙන්නේ පිටි කිරිද. ඇයි කිරි නැද්ද ඔයාට. කිරි එරෙන්නත් පින තියෙන්න එපැයි.

 

ඒ දවස් වල මට හතර වෙනි ළමයා ලැබිලා ගෙදර එනකොටත් කිරි ඉතිරෙනවා. ඒ තරම් වාසනාව. ඔයාගේ බබා හරි කෙට්ටුයි නේද. ඇයි ඒ කවන්නේ නැද්ද. අපිනම් අම්මෝ වටේ ඇවිද ඇවිද කැව්වා. හොද බරක අ⁣පේ ළමයි හිටියා. අනේ මන්දා නේද මේ ළමයට ලෙඩක්ද දන්නේ නැහැ. හොදටම කෙට්ටුවෙලා නේද. පව්බබාගේ නහය නෑ නේද. බබාගේ කකුල් බකල් නේද

 

ඕවා අතගාන්න හදන්න ඇඬුවට කමක්නැ හදන්න ඕනි. ලොකු වෙද්දි කැතයිනේ. දරුවට වතුර දෙන්න මාස හයක් නොගියට කමක්නෑ. ඔයා හොදටම කෙට්ටු වෙලා නේද. ඔයා හොදටම ලස්සන වෙලා ලස්සන උනොත් දරුවා ගැන හිතන්නේ නැහැ. කෙට්ටු උනොත් දරුවා වෙනුවෙන් නහින්න ඕනේ.

 

ඉතින් මේ ආකාරයට තමයි මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය සිය මුහුණු පොතට සටහනක් එක්කර කියල තිබුනේ. ඇත්තෙන්ම ඇය එලෙස එක්කළ මේ සටහනට ඇගේ රසික ජනයාගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිව තිබුණා. ඒ විතරක් නොවෙයි ඊට බොහෝදෙනෙකු අදහස් දක්වලා තිබෙන ආකාරයත් අපට දැකගන්නට ලැබුණා.

views

1903 Views

Comments

arrow-up